එක්සිම් බැංකුව ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි

චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි

by Staff writer 26-01-2023 | 3:49 PM

COLOMBO (News 1st) - චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ලබා දී ඇති කාල සීමාව වසර දෙකකින් දීර්ඝ කර තිබේ. 

චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගැනීමේ වැඩපිළිවළට ද සහය ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාව දුෂ්කරතා හා අභියෝගවලට මුහුණ දෙන බැවින් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට හැකි පමණින් උදව් කරමින් සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශය පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.