අරීනා සබලෙන්කාගෙන් වාර්තාවක්..

ස්වාධීන ක්‍රීඩිකාවන් ලෙස ග්‍රැන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළක් දිනු ලොව පළමු ක්‍රීඩිකාව බවට අරීනා සබලෙන්කා වාර්තා අතරට

by Staff writer 28-01-2023 | 9:57 PM

COLOMBO (News 1st) - බෙලරූස්හි අරීනා සබලෙන්කා 111වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවළ අංශයේ ශූරතාවය දිනාගෙන තිබේ.

ඒ, අද පැවැති අවසන් තරගයේදී කසකස්ථානයේ එලීනා රයිබකිනා වට 2ට 1ක් ලෙස පරාජය කරමිනි.

තරගයේ අවසන් ලකුණු පුවරුව සටහන් වුණේ, ලකුණු 4ට 6ක්, 6ට 3ක් සහ 6ට 4ක් ලෙසය.

සබලෙන්කා 2018 වසරේ අමෙරිකා විවෘත ටෙනිස් ශූරිය වූ අතර ඇය ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවයට හිමිකම් කී පළමු අවස්ථාව ද මෙයයි.

රුසියාවට සහ බෙලරෑස් රාජ්‍යයට පනවා ඇති ජාත්‍යන්තර තරග තහනම නිසා අරීනා සබලෙන්කා මෙම තරගාවලියට ස්වාධීන ක්‍රීඩිකාවක් ලෙස සහභාගී වීම ද විශේෂත්වයකි.