ජොකොවිච් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව දිනාගනී

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් 111 වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව දිනාගනී..

by Staff writer 29-01-2023 | 9:59 PM

COLOMBO (News 1st) - සර්බියාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් 111 වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව අද දිනාගත්තේ ය.

ඒ, අවසන් තරගයේදී ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපාස් වට 3ට 0ක් ලෙස පරාජය කරමිනි.

තරගයේ පළමු වටය ලකුණු 6ට 3ක් ලෙස ජොකොවිච් පහසුවෙන් ජය ගත්තේ ය.

දෙවැනි සහ තුන්වැනි වට දෙකේදීම ක්‍රීඩකයින් දෙදෙනාම උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කළ අතර ජොකොවිච් එම වට දෙකම ජය ගත්තේ ලකුණු 7ට 6ක් ලෙස ය.

ඒ අනුව වට 3ට 0ක් ලෙස නොවැක් ජොකොවිච් තරගය ජය  ගත්තේ ය.

ඒ සමගින් මෙතෙක් වැඩිම ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ගණනකට හිමිකම් කියූ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ගේ වාර්තාව සම කිරීමට ද ජොකොවිච් සමත්විණි.
 
නොවැක් ජොකොව්ච් ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22කට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතා 10 ක් සමඟ ය.