වෙන්නප්පුවේ බැංකුවක කෝටි 7 ක රන් භාණ්ඩ සොරකමක්

වෙන්නප්පුවේ බැංකුවක රුපියල් කෝටි 7 ක රන් භාණ්ඩ සොරකමක්

by Staff writer 02-10-2023 | 9:43 AM

COLOMBO (News 1st) : වෙන්නප්පුව, වයික්කාල අංගම්පිටියේ රාජ්‍ය බැංකුවකින් රණ් භාණ්ඩ තොගයක් සොරා ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. 

පොලිසිය පැවසුවේ රුපියල් කෝටි 7 කට ආසන්න රන්භාණ්ඩ තොගයක් එලෙස සොරා ගෙන ගොස් ඇති බවයි.

පසුගිය 28 වැනිදා අදාළ රන් භාණ්ඩ තොගය සොරා ගෙන තිබේ. 

රාත්‍රියේ බැංකුවට ඇතුළු වූ පිරිසක්, සේප්පුව කඩා අදාළ රන් භාණ්ඩ තොගය රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන්  කළේ ය.