ලොව වයස්ගතම සුනඛයා 'බොබී' මියයයි..

ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියූ 'බොබී' ලොවක් හඬවමින් අවසන් ගමන් යයි..

by Chathurika Jayasundara 30-10-2023 | 12:32 PM

COLOMBO (News 1st) – ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියූ ''බොබී'' නම් සුනඛයා මියගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මිය යනවිට අවුරුදු 31යි දින 165ක් වූ බොබී උපත ලැබුවේ 1992 මැයි 11 වැනිදා 
 
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  පශු වෛද්‍යවරයෙක් වන කැරන් බෙකර් (Karen Becker) විසින් Bobiගේ මරණය සිය ෆේස්බුක් ගිණුම හරහා පළමුවරට ප්‍රකාශයට පත් කළ බවයි

ඉකුත් පෙබරවාරි මාසයේදී බොබී ලොව වයස්ගතම සුනඛයා ලෙසින් ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වීම වූ අතර ,  එම වාර්තාව බොබී සතු වූයේ වසර 84කට පසුව වීමත් විශේෂත්වයක්. 

මීට පෙර ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් දැරුවේ 1939දී මියගිය ඔස්ට්‍රේලියාවේ ‘බ්ලූයි‘ (Bluey) විසින්. 

එම සුනඛයා අවුරුදු 29යි සහ මාස 5ක් ජීවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බොබී සෑම විටම පටි හෝ දම්වැලකින් තොරව නිදහසේ සැරිසරූ බව බොබිගේ හිමිකරු  කොස්තා මහතා සඳහන් කර තිබෙනවා 

එමෙන්ම සන්සුන්, සාමකාමී පරිසරයක බොබී ජීවත් වී ඇති අතර කුළුබඩු යොදා පිසින ලද මිනිසුන් ආහාරයට ගන්නා දේ පමණක් ආහාරයට ගැනීමට හුරු වී සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.