Deepfake නිසා සුරූපී නිළි රෂ්මිකාට වුණ දේ..

Deepfake නිසා සුරූපී නිළි රෂ්මිකාට වුණ දේ..

by Chathurika Jayasundara 11-11-2023 | 6:53 AM

COLOMBO (News 1st) – කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ උපරිම දියුණුවත් එක්ක මානව වර්ගයාගේ පරිහානිය සිදු වෙන්න පුළුවන් කියන අනතුරු ඇඟවීම  
තාක්ෂණ විශේෂඥයින් මීට පෙරම සිදු කරලා තිබුණා

මේ කියන්න යන්නෙත් ඒ වගේම කතාවක්, 

රෂ්මිකා මන්දනා.. සිනමාලෝලීන්ගේ ආදර දිනූ සුරූපී ඉන්දියානු නිළියක්. 

Deepfake තාක්ෂණය ගැන ඔබ අහලා තියෙනවද ? 

Deepfake කියන්නේ, වෙනත් කෙනෙකුගේ මුහුණ සහ කටහඩ තවත් කෙනෙකුට තාක්ෂණය මගින් බද්ධ කිරීමේ ගැඹුරු ක්‍රියාවලියයි...

මේ වෙද්දී ‌ලෝකේ බෝහෝ තැන්වල මෙය සිද්ධ වෙනවා..

Deepfake තාක්ෂණය සුපිරියට දන්න කෙනෙක්ට පුළුවන් හදුනා ගන්න බැරි විදිහට යම් අයෙකුගේ මුහුණ සහ කටහඩ බද්ධ කරලා වීඩියෝවක් නිර්මාණය කරන්න.. 

සුරූපී ඉන්දියානු නිළි රෂ්මිකාටත් වුණේ මේ වගේ දෙයක්.. 

බ්‍රිතාන්‍යයේ වාසය කරන සාරා පටෙල් ඇගේ සමාජ මාධ්‍ය ගිනුමේ වීඩියෝවක් පල කිරීමෙන් පසු යම් අයෙක් එය‌ට Deepfake තාක්ෂණය යොදා රෂ්මිකාගේ මුහුණ සම්බන්ධ කරමින් සමාජගත කර තිබුණා.

අපහසුතාවයට පත් රෂ්මිකා මේ පිළිබඳව සිය සමාජ මාධ්‍යයේ අදහස් දක්වා තිබුණා.. 

මේ වගේ දෙයක් භයානක වෙන්නේ මට පමණක් නෙමෙයි.. මීට ගොදුරු අපි හැමෝටමයි.. 

අද මම මගේ පවුලේ අයට, හිතවතුන්ට ස්තුතිවන්ත වෙන්න මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දුන්නත්, පාසල් වියේදී මට මෙය සිදු වූවා නම්, මට ඒකට මුණ දෙන විදිහ හිතාගන්න බැරිවෙයි.. 

සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් කියා තිබුණේ මේ සම්බන්ධයෙන් දැඩි නීතිමට පියවර ගත යුතු බවයි.. 

ඒ වගේම ඉන්දියවේ  තොරතුරු තාක්ෂණ ඇමතිවරයාද සඳහන් කර සිටියේ මේ සඳහා කඩිනමින් තීරණයක් ගත යුතු බවයි.

මෙය අනාගතයේදී ඔබ අපි හැමෝම පුද්ගලිකව මුහුණ දෙන අභියෝගයක් වේවි, ඒ තාක්ෂණය දැනටමත් අපිව වෙලා ගනිමින් ඉන්නවා 

දිනෙක මුහුණු පොතේ ඇතැම් පින්තූරවලට හිනැහෙමින් එයා එහෙම නෑ බන් කියමින් කමෙන්ට් කරන ඔබ අපි හැමෝටම මේ ඉන්නේ මං නෙමෙයි කියලා දස අතේ දිවුරන්නට සිද්ධ වේවි.

ඒ මේ තාක්ෂණය නියමාකාරව භාවිතා නොකරන කොට්ඨාසයක් හින්දා..