.webp)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන ඉන්දු - නවසීලන්ත පළමු පූර්ව වටයේ තරගයට භාවිත කරන තණ තීරුව සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ.
ඒ ඉන්දියාවේ ඉල්ලීම අනුව මන්දගාමී තණතීරුවක් ලබා දීමට කටයුතු කර ඇති බව චෝදනා එල්ලවී ඇත.
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයට මින් පෙර භාවත නොකළ තණ තීරුවක් ලබා දීමට කටයුතු කර තිබුණත්, ඉන්දියාවේ ඉල්ලීම අනුව එය මාරුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මීට පෙර තරග දෙකකට භාවිත කළ තණතීරුවක් ලබා දී ඇති බව පැවසේ.
මන්දගාමී තණතීරුවක් ලැබුණහොත් ඉන්දීය දඟ පන්දුයවන්නන්ට වැඩි වාසි අත්වන බවත්, නවසීලන්ත වේග පන්දුයවන්නන්ට අවාසි සහගත වනු ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.
අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලය මගින් පවත්වනු ලබන තරගවලදී තණතීරු සකස් කිරීම සිදුකරනු ලබන්නේ ඔවුන්ගේ උපදෙස් අනුවයි.
මුම්බායි ක්‍රිකට් සංගමයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍යවෙත පවසා ඇත්තේ ඉන්දීය කණ්ඩායම විසින් මන්දගාමී තණතීරුවක් ඉල්ලා ඇති බවත් ඒ අනුව තණකොල ඉවත් කළ බවයි.