තනතුරු, පට්ටම් ගැලවුණු Prank call එක..

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකට තනතුරු, පට්ටම් ගැලවුණු Prank call එක..

by Chathurika Jayasundara 06-11-2023 | 2:18 PM

COLOMBO (News 1st) – ෆ්‍රෑන්ක් කෝල් එකකට පිළිතුරු දීලා ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ගැන අහලා තියෙනවද ?

මේ සිද්ධිය වුණේ, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනිගේ උපදේශකවරියකට.   

අදාල උපදේශකවරියට අප්‍රිකානු සංගමයේ ඉහළ පෙළේ නිලධාරියෙකුගෙන් යැයි පැවසූ දුරකතන ඇමතුමක් ලැබී තිබේ. 

එහිදී ඔවුන් දෙදෙනා රුසියානු - යුක්රේන යුද්ධය සහ ඉතාලියේ සංක්‍රමණික ගැටලුව ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන්
දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව විදෙස් වාර්තා වල සදහන් වෙයි.

විශේෂයෙන්ම මේ කරුණු රාජ්‍ය ත්‍රාන්තික මට්ටමින් ඉතා වැදගත් වූ කරුණු මෙන්ම තොරතුරු සඟවා තැබිය යුතු කරුණු බව සඳහන් ය.   

කෙසේ නමුත් පසුව අනාවරණය වුණේ අප්‍රිකානු සංගමයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මේ ව්‍යාජ ඇමතුමක් දීලා තියෙන්නේ   රුසියාවේ විකට නළුවෙකු බවයි.    
 
අදාළ සංවාදය අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසුව මේ පිළිබඳව සමාජ කතාබහට ලක්වීමෙන් පසු අදාල උපදේශකවරිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 
  
ඇමතුම ලබාදුන් පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු නොකර රජයේ සංවේදී තොරතුරු සාකච්චා කිරීම පාර්ශව රැසකගේ විවේචනයට ලක්ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.