සුසන්තිකාට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තනතුරක්

සුසන්තිකා ජයසිංහට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරක්

by Staff writer 02-02-2023 | 6:41 PM

COLOMBO ( News 1st ) - ඔලිම්පික් පදක්කම්ලාභී සුපිරි ධාවනශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරකට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, 'කාන්තා ක්‍රිකට් උපදේශනය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක' තනතුරට ඇය පත් කළ බවයි.

තමාට ලැබුණු, මෙම නව අභියෝගය පිළිබඳව සතුටට පත්වන බවත්, යොවුන් ක්‍රීඩිකාවන්ට ඉදිරියට පැමිණීම සඳහා තම උපරිම දායකත්වය ලබා දෙන බවත් සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ, මෙම වසරේ පෙබරවාරි 01 වැනිදා සිට අදාළ පත්වීම බලාත්මක බවයි.