දිමුත් ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට සමුදෙයි

දිමුත් ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි

by Staff writer 20-03-2023 | 2:52 PM

COLOMBO (News 1st): අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට්  තරගාවලියෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි. 

දිමුත් කරුණාරත්න මේ බව පැවසුවේ, නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසයි. 

''මම සිලෙක්ටර්ස්ලත් එක්ක කතා කළා. අයර්ලන්ත තරගාවලියෙන් පස්සේ, කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වෙන්න... ඊළඟ සර්කල් එකේ නායකත්වයෙන් ඉවත් වෙන්න.. මොකද ඊළඟ සර්කල් එකට අවුරුදු 2ක් සෙල්ලම් කරන්න ඕන සර්කල් එකක්. මම හිතනවා නව නායකයෙක් අරන්... ඒක කරොත් හොඳයි කියලා.''

නායකත්වයට සමුදීමේ සිය තීරණය සම්බන්ධයෙන් තේරිම් කමිටුව දැනුවත් කළ ද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව සඳහන් කළ ටෙස්ට් නායකයා වැඩිදුරටත් කියා සිටියේ,ඊළඟ තරගාවලියෙන් පසු අලුත් නායකයෙකුට අවස්ථාව ලබා දී නායකත්වයට සමුදිය යුතු ය යන්න සිය තීරණය බවයි.   

අද අවසන් වූ නවසීලන්තයට එරෙහි දෙවන  ටෙස්ට් තරගයෙන්  ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.