.webp)
COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
ඒ, දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග අද(23) පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කොමිසම ගත් තීරණයකට අනුවයි.
ඒ අනුව කළින් සැලසුම් කළ පරිදි, මාර්තු 28, 29, 30, 31 සහ අප්‍රේල් 03 යන දිනවල පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වෙයි.