මඩ පොහොර 25% ක් මේ වනවිට බෙදා අවසන්

මඩ පොහොර 25% ක් මේ වනවිට බෙදා අවසන් - කෘෂිකර්ම අමාත්‍යාංශය

by Staff writer 23-03-2023 | 6:31 AM

COLOMBO (News 1st) - ගොවීන්ට නොමිලේ ලබා දෙන මඩ පොහොර ප්‍රමාණයෙන් 25% පමණ මේ වනවිට බෙදා අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට එම මඩ පොහොර බෙදා දුන් බවය.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම මඩ පොහොර ගොවීන්ට ලබාගත හැකි බව ඔහු පැවසීය.

මේ අතර යූරියා පොහොර මෙට්‍රික්ටොන් 35,000 ක පමණ ප්‍රමාණයක් දැනට මෙරට පවතින බවත් මෙට්‍රික්ටොන් 30,000 ක පමණ ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ ය.