.webp)
COLOMBO (News 1st) – ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දේවස්ථානයක, ආගමික උත්සවයක් අතරතුර සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා ක ළේ, ආවරණය කර තිබූ ළිඳක් මත, වන්දනා කරමින් සිටි පුද්ගලයින්, එම ආවරණය කඩා වැටීමත් සමඟ ළිඳ තුළට ඇද වැටී ඇති බවයි.
අනතුරින් මේ වන විට පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇති අතර ළිඳ තුළ සිරවී සිටි පුද්ගලයින් 18 දෙනෙකු මුදාගත් බව ඉන්දීය බලධාරීන් විසින් බේරාගනු ලැබ ඇත.
තුවාල ලැබූ තවත් පුද්ගලයින් 16 දෙනෙකු රෝහල්ගත කර තිබේ.