ඩොනල්ට් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා ගොනු කරයි..

ඩොනල්ට් ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝක් අධිකරණයක් අධිචෝදනා ගොනු කරයි

by Staff writer 31-03-2023 | 7:00 AM

COLOMBO (News 1st) – අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝක් ප්‍රාන්ත අධිකරණයකදී අධිචෝදනා ගොනු කර තිබේ. 

ඒ, 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවකට මුදල් ගෙවා එම සම්බන්ධය පිළිබඳ තොරතුරු වසන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය. 

ඩොලර් ලක්ෂයකට වැඩි මුදලක් මෙම කාන්තාවට ලබා දුන් බව පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු නීතිඥවරයාද ඔහුට එරෙහිව සාක්ෂි ලබා දී තිබේ.  

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට අපරාධ චෝදනා ගොනු කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තාවල සඳහන් ය. 

ඔහුට මෙම චෝදනා එල්ල වන්නේ, 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය සදහා ඔහු තරග කරන බවට නිවේදනය කර ඇති පසුබිමකයි.