.webp)
ඒ තරගාවලියේ තුන්වැනි තරගය ලකුණු 44 කින් ජය ගනිමිනි.
කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 158කි.
හර්ෂිතා මාධවී සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා අර්ධ ශතක ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාද්ශයට කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි.
උදේශිකා ප්‍රබෝධනී, කාව්‍යා කාවින්දි සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවා ගත්තා ය.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගෙන ඇත.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වරට ද්විපාර්ශවික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ 2014 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.