ඖෂධ අවශ්‍යතාවයෙන් 30 %ක් මෙරටදී නිපදවීමට සැලසුම්..

2023 අවසන් වනවිට ඖෂධ අවශ්‍යතාවයෙන් 30 %ක් මෙරටදී නිපදවීමට සැලසුම්..

by Staff writer 26-05-2023 | 6:38 AM

COLOMBO (News 1st) –  මේ වසර අවසන් වනවිට ඖෂධ අවශ්‍යතාවයෙන් 30% ක් මෙරටදී  නිෂ්පාදනයට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරන්නේ 17 %ක් පමණක් බවයි.

ඖෂධ නිෂ්පාදන ගම්මාන හා කලාප ගණනාවක නව කර්මාන්ත ශාලා ඉදිකිරීමට පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. 

අතිරේක ලේකම්වරයා පැවසුවේ, ඉදිරි අවුරුදු දෙක තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන්  70% ක් මෙරට නිෂාපාදනයට සැලසුම් කර ඇති බවයි.