.webp)
ඒ සැකකරු අද (10) අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු 51 හැවිරිදි හෝකන්දර ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේ ය.
අවුරුදු පහ හමාරක් වන අදාළ පිරිමි දරුවාගේ මළ සිරුර, ඊයේ (09) පස්වරුවේ මුල්ලේරියාව, හල්බරාවේ රජයට අයිති ඉඩමක තිබී හමුවිය.
දරුවා මිය ගොස් සිටියේ උදරයේ බරපතළ කැපුම් තුවාලයක් සහිතවයි.
දරුවාගේ මුත්තනුවන් විසින්, ඔහුව සැකකරුට භාරදී සිටින අතරතුර මෙම මරණය සිදුව ඇත.
ඊයේ පස්වරුවේ අනාවරණය වූයේ , තණකොළ කැපීමට පැමිණි පුද්ගලයාගේ යන්ත්රයෙන් දරුවාගේ උදරයේ බරපතල කැපුම් තුවාලය සිදුවී ඇති බවයි.