ලිබියානු ගංවතුරෙන් මියගිය ගණන ඉහළ යන ලකුණු

ලිබියානු ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 20,000 ක් දක්වා ඉහළ ඇතැයි, වාර්තා.

by Staff writer 14-09-2023 | 4:00 PM

.COLOMBO (News 1st) - ඩැනියෙල් කුණාටුවත් සමග ලිබියාවේ ඇතිවූ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 20,000 ක් ඉක්මවා යනු ඇතැයි අනුමාන කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගංවතුරෙන් විනාශ වී ගිය ඩේර්නා නගරයේ නගරාධිපතිවරයා, අල් අරාබියා රූපවාහිනියට පවසා ඇත්තේ, ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 18,0000 ත් 2,0000ත් දක්වා ඉහළ යනු ඇති බවයි. 

ලිබියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 5,000 කට ආසන්න පිරිසකට ජීවිත අහිමිවි ඇතිි  බවත්  10000කට ආසන්න පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බවත් ය.  

බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා තවදුරටත් බාධා මතුව ඇති බව මාධ්‍ය සඳහන් කරයි.

සුළු කුණාටුව හේතුවෙන්  ඩේර්නා නගරයේ ජලාශයක වේලි දෙකක් විනාශ වී ගොස් ඇති අතර   ලිබියානු බලධාරින් පවසන්නේ, ගං වතුර තත්ත්වය  සුනාමි තත්ත්වයකට  සමානවූ  බවයි. 

ඊජිප්තුව , ටියුනිසියාව, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, තුර්කිය සහ කටාර් රාජ්‍ය ඇතුළු රටවල්  සහන සැළසීම සඳහා ඉදිරිපත් වී සිටී.