සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය තහනම්

උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම්..

by Staff writer 16-09-2023 | 6:13 AM

COLOMBO (News 1st) – උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ.  

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා සඳහන් කළේ, ජනතාවගෙන් ලද පැමිණිලි මත එම පියවර ගත් බවයි. 

කෙසේ වෙතත් රාජකාරි මට්ටමින් දුරකතන භාවිතය සඳහා අවසර ලබා දී තිබේ.  

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණි අවස්ථාවල ඇතැම් සෞඛ්‍ය සේකයින් ජංගම දුරකතන භාවිත කරමින් සිටින බවට පැමිණිලි ලැබී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා ප්‍රකාශ කළේ ය.