COLOMBO (News 1st) – ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය කොළඹ සහ මහනුවරදී අධික වර්ෂාපතනය හමුවේ තරග වෙනුවෙන් කැපවී සිටි ක්‍රීඩා පිටි භාරකරුවන් සහ ක්‍රීඩාංගණයේ සේවකයින් සඳහා අමෙරිකානු ඩොලර් 50,000 ක ත්‍යාග මුදලක් අද(17) ලබා දුන්නේය.
ඒ අවසන් මහා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදීය.
ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම 2023 ආසියානු කුසලානය අමතක නොවන තරගාවලියක් බවට පත් කළ අතර තණතීරුවේ පරිපූර්ණත්වයේ සිට ක්‍රීඩාවට උචිත පිටිය සකස් කිරීම දක්වා ඔවුන් ඉටු කළ කාර්යභාරය අතිමහත් ය.



