2023 ආසියානු ශූරයින් කවුද ? තීරණය අද?

ආසියාවේ ක්‍රිකට් ශූරයින් ශ්‍රී ලංකාවද? ඉන්දියාවද? සුවිශේෂී අවසන් සටන අද..

by Staff writer 17-09-2023 | 7:00 AM

COLOMBO (News 1st) - 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණය වන තීරණාත්මක තරගය, අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී  පැවැත්වේ.

ඒ, වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. 

ආසියානු කුසලාන ඉතිහාසය තුළ ඉන්දියාව වැඩි ගෞවර දිනා ඇත්තේ,අවස්ථා 7කදී එම කුසලානය දිනූ රට බවට පත්වෙමිනි. 

වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව අවස්ථා 6කදී ආසියානු ක්‍රිකට් කිරුළ දිනා ඇත්තේ ය.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද (17) පැවැත්වෙන අවසන් මහා තරගය අහිමි වී ඇත.

ඒ පසුගියදා පකිස්ථානයට එරෙහිව පැවති තරගයේදී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ  සහන් ආරච්චිගේ, මහීෂ් වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ බවයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද සවස 3ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් ඇත.

ආසියානු කුසලානයේ  වත්මන් ශූරයින් වන  ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් ආසියානු කුසලාන ජයග්‍රහනයක සතුට මව් බිමට ලබා දීමට හැකියාව ලැබේවා යන්න, මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ගේ එකම පැතුමයි

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1  වන් නාලිකාව සහ සිරස TV වෙබ් අඩවිය(www.sirasatv.lk) ඔස්සේ අද තරගයද සජීවීව ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.