48කට මරු කැඳවූ නයිජීරියාවේ රිය අනතුර

නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වීමෙන් 48ක් මරුට..

by Staff writer 09-09-2024 | 10:00 AM

COLOMBO ( News 1st ) - නයිජීරියාවේ අගේ ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්ධන රැගත් බවුසරය, ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුරින් ට්‍රක් රථයේ සිටි ගවයින් 50 දෙනෙකු ද, මියගොස් තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව, සියයකට ආසන්න ය.

අනතුර සිදුවූ ස්ථානයේ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අප්‍රිකානු කලාපයේ ජනාකීර්ණම රටවන නයිජීරියාවේ භාණ්ඩ ප්‍රවාහන සඳහා විධිමත් දුම්රිය මාර්ග පද්ධතියක් ක්‍රියාත්මක වන්නේ නැත.

ඒ හේතුවෙන් වාර්ෂිකව, ඉන්ධන බවුසර් විශාල ප්‍රමාණයක් අනතුරට ලක් වේ.

2020 වසරේදී ඉන්ධන බවුසර් 1531 ක් අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 535 කි.