ඒ, දෙරට අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජය ගනිමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය රැස් කළ ලකුණු 325ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස් කළේ ය.
එංගලන්තය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 156කි.
අද දිනයට තරගය ආරම්භ කරන විට ලකුණු 219ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස් කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද වාර්තා කළේ දෙවැනි ටෙස්ට් ශතකයයි.
ඔහු නොදැවී ලකුණු 127ක් රැස් කළේය.
පන්දුවාර 40ක් අවසානයේදී කඩුලු 2ක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ය .
ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ දෙවැනි ටෙස්ට් තරගය මෙයයි.
අවසන් වරට මෙහි ශ්‍රී ලංකාව තරගයක් ක්‍රීඩාකර ඇත්තේ මීට වසර 26කට පෙරදීයි.
1998 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජය ගත්තා.