පොලීසිය සඳහන් කළේ, වීජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී වීදුලි සංඥා ක්‍රියාත්මක ව තිබු අවස්ථාවේදී අද(13) පෙරවරුවේ ත්‍රිරෝද රථය දුම්රිය මාර්ගයට ඇතුළු කරන අවස්ථාවෙදි මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ මෙම ත්‍රීරෝද රථය ගැටී ඇති බවයි.
එහිදි එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ ගාල්ල දොඩංදුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිිරිසක්.