දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2849 කදී සිසුන් තුන් ලක්ෂ 24 දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පසුගිය 15 වැනිදා මුහුණ දුන්නේ ය.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිට වී ඇති බව විභාගය අවසන් වී පැය කිහිපයක් ගතවීමට පෙර වාර්තා වූයේ ය.
ඒ සම්බන්ධයෙන් මුලින්ම වාර්තා වූයේ අනුරාධපුරයෙනි.
අනතුරුව දිවයින පුරා විවිධ ස්ථානවල දෙමව්පියන් මේ සම්න්ධයෙන් කරුණු පෙන්වා දෙමින් විරෝධතා ආරම්භ කළහ.
විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග ප්‍රශ්න පත්‍ර සකස් කළ කමිටුවේ සාමාජිකයන් කැඳවා මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර අදාල ප්‍රශ්න තුන අතහැර දරුවන්ට සෙසු ප්‍රශ්න 37ට ලකුණු දෙමින් අවසාන ලකුණ සියයට ගැළැපීමට තීරණය කරන ලදි.
මෙවැනි පසුබිමක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධ විමර්ෂන භාර කෙරුණි.
අනතුරුව මේ සිදුවීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් සැකපිට අත්අඩංගුවට ගැනුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව විෂයය භාර අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පත්කළ විද්වත් කමිටුවක්ද මේ පිළිබඳව සොයා බැලුවේ ය.
ගැටලු මතුව ඇති ප්‍රශ්ණ ගණන 3 ක් ලෙස හදුනාගෙන ඇති බව ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටියේ ය.
නමුත් ප්‍රශ්ණ 8 ක් මේ අයුරින් කලින් ප්‍රසිද්ධ වී ඇතැයි දෙමව්පියන් චෝදනා කරනු ලබයි.
ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය පළ කළ දෙමව්පියන් පිරිසක් පසුව ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා ද හමුවුණි.
පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිට වී ඇති බව එහිදී ඔවුන් යළිත් පෙන්වාදී තිබුණේ ය.
මේ නිසා පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස දෙමව්පියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මෙහිදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා..
-- අවසාන තීන්දුව විදිහට තමයි දැනට අරන් තියෙන්නේ ප්‍රශ්න පත්තර වලට පිළිතුරු ලබාදීම, ඒ ලකුණු ලබාදීම ඇගයීම් කටයුතු තාවකාලිකව නතර කරන්න. නතර කරලා ඊයේ ඒ පැමිණිල්ල ඉදිරිපත් කරපු දෙමව්පියන්ට කිව්වා ප්‍රශ්න අටක් එළියට ගිහිල්ලා තියෙනවා කියලා ඔබලා කියනවනම් ඒ පිළිබඳව තියෙන සාක්ෂි තොරතුරු හෙට දවස තුළ ලබාදෙන්න. ඒ අනුව ඒ පරීක්ෂණ කටයුතු තවත් ඉස්සරහට ගෙනිහිල්ලා ඒ පත්කරපු කමිටුව හරහා තීන්දු ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ නැවත විභාගය පැවැත්තුවත් ඒකත් නැවත ප්රශ්නකාරී වෙනවා. එනිසා මම කියන්නේ අවම අසාධාරණය සිද්ධ, අසාධාරණය වෙන ආකාරයට මේ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කරනවා.--