සරසි පීරිස්, වරුණ සම්පත්, ජනිත් මෙන්ඩිස්, ටී.සින්තුජන්, ඉමේෂ් සදර්ලන්ඩ්, ඩබ්ලිව්.වීරකෝන්, වී.චන්ද්‍රන් සහ ලහිරු මධුසංඛ ආරච්චි යන මාධ්‍යවේදීන් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කර තිබේ.
එම පෙත්සම් කැඳවූයේ ජනාධිපති නීතිඥ එස්.තුරෝයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය.
වග උත්තරකරුවන් කිහිපදෙනෙකු සඳහා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ පොලිස්පතිවරයා ධුරයේ කටයුතු නොකරන බැවින් පෙත්සම් වල උද්ධෘත සංශෝධනය කළ යුතු බවය.
අදාළ උද්ධෘත මේ වන විටත් සංශෝධනය කර ඇති අතර මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යාමට අවසර ඉල්ලා කරුණු දැක්වීමට තමන් සූදානම් බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා පැවසුවේ ය.
පෙත්සම් විභාගයට අද කාලය නොමැතිකම හේතුවෙන් 2025 මාර්තු 7 වන දින ඒවා යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරන ලදි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී පෙනී සිටියේ දමිත කරුණාරත්න, එන්.කේ.අශෝක්භරන්, මියුරු ඉගලහේවා යන මහත්වරු සමඟ නීතිඥ චාරික වනිගබදුගේ මහතාගේ උපදෙස් මතය.