.webp)
එබැවින්, ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තියට හිමි වන්නේ ප්රමුඛස්ථානයකි.
ගුරුවරුන්ට ගෞරව කිරීම සහ ඔවුන් අපේ ජීවිතයට කරන සදාකාලික දායකත්වය පිළිගැනීමේ දිනයක් යුනෙස්කෝව විසින් 1994 දී ප්‍රකාශයට පත් කළේ ය.
අද ඔක්තොම්බර් 05 වැනිදා ය.
ලෝක ගුරු දිනය.
ගුරු හඬ අගයමින් - අධ්‍යාපනයේ නවමු සමාජ කතිකාවතක් සඳහා ඉදිරියට’ යන්න තේමා කරගනමින් ශ්‍රී ලංකාව ගුරු දිනය සමරනු ලැබේ.
වර්තමානය වනවිට ගුරුවරුන් ගැටලු රැසකට මුහුණ පා ඇති අතර නව ආණ්ඩුව යටතේ එම ගැටලුවලට විසදුමක් ලැබෙනු ඇතැයි ගුරුවරුන්ගේ අපේක්ෂාවයි.