මෙම තරගය බංග්ලාදේශයේ චොට්ටොග්‍රාම්හිදී පැවැත්වේ.
එහි පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 106ක් ලබා ගත්තේය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ටෝනි ඩි සෝසි ලකුණු 177ක් රැස් කළේ ය.
වියාන් මල්ඩර් නොදැවී ලකුණු 105ක් ලබාගත් අතර 4 පහර 8ක් සහ 6 පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.
සෙනුරන් මුතුසාමි නොදැවී ලකුණු 68ක් රැස් කරගෙන සිටියේ ය.
බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 10කදී බිඳ වැටුණු අතර තයිජුල් ඉස්ලාම් ලකුණු 5ක් ලබා ගත්තේය.
ශද්මන් ඉස්ලාම්ට ලකුණු රැස් කිරීමට හැකි වුණේ නැත.
සකීර් හසන් ලකුණු 2ක් ලබා ගත්තේය.
ඊයේ (30) දිනය අවසන් වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියේ ය.