පළාත් 04කට මිලිමීටර් 150 ට වැඩි තද වැසි..

පළාත් 04කට මිලිමීටර් 150 ට වැඩි තද වැසි..

by Staff writer 23-11-2024 | 2:36 PM

COLOMBO (News 1st) –

උතුරු , උතුරුමැද , නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.

තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර , නිල්වලා ගඟ තලගහගොඩ ප්‍රදේශයෙන් සුලු ගංවතුර මට්ටමට පැමිණෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ද ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි.

මේ අතර අද පෙරවරු 8.30 න් අවසන්වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මන්නාරම ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අගය මිලිමීටර් 212.5 කි.

මුලතිව්හි අලම්පිලි , මන්නාරම පාලම්පෙඩ්ඩි සහ කැස්බෑව ප්‍රදේශවලට ද ගතවූ පැය 24 තුළ මිලිමීටර් 100 ඉක්මවු වැසි ඇද හැලි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.