අප්‍රිකානු සූකර උණ වල් ඌරන් අතරත්

අප්‍රිකානු සූකර උණ වල් ඌරන් අතරත්- වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

by Staff Writer . 28-12-2024 | 7:52 PM

COLOMBO (News 1st) - අප්‍රිකානු සූකර උණ වල් ඌරන් අතර ද ව්‍යාප්තවී ඇතැයි, වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට යාල වනෝද්‍යානයේ ඌරන් 100කට අධික පිරිසක් සූකර උණ වැළදී මිය ගොස් ඇති බවයි.

මීට අමතරව , රත්නපුර , කළුතර , මහනුවර , සියඹලාණ්ඩුව ඇතුළු ප්‍රදේශ ගණනාවක වන ගත ප්‍රදේශ වල ජීවත්වන වල් ඌරන් අතර ද වෛරසය ව්‍යාප්තවී ඇති බවට තොරතුරු වාර්තා වන බව, එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

පවතින තත්තවය හමුවේ වනෝද්‍යානය තුළ විවෘත කඳවුරුබිම් තුළට ඌරු මස් රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා තිබේ.