තිදෙනෙකුට මරු කැඳවූ බස් - වෑන් මාරකය..

එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවූ බිහිසුණු බස් - වෑන් අනතුර .

by Staff Writer . 12-06-2024 | 8:58 PM

COLOMBO (News 1st) - බිබිල තුනේ කණුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. 

මිය ගොස් ඇත්තේ ස්වාමිපුරුෂයා , බිරිඳ සහ ඇගේ සහෝදරියයි.

ඔවුන් සියලු දෙනා අවුරුදු 70ට වැඩි පුද්ගලයින්. 

තවත් 05 දෙනෙකු අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රථිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කෙරිණි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.