COLOMBO (News 1st) -
කතා මවන පැරිස් ඔලිම්පික් උළෙලෙන් ඇහෙන තවත් රස කතාවක් මේ..මේ යූසුෆ් ඩිකෙක් (Yusuf Dikec)
51 හැවිරිදි යූසුෆ් මෙවර ඔලිම්පික් උළෙලෙදී මීටර් 10 මිශ්‍ර පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම තම රටට දිනා දීමට සමත් වෙනවා
ඒ,සෙව්වාල් ලයිඩා සමගින්
ඔහුගේ මේ ජයග්‍රහණය විශේෂ ජයග්‍රහණයක්..
ඒ ඔහුගේ වෙඩි තැබීමේ දක්ෂතා නිසාම නම් නෙමෙයි
සාමාන්‍යයෙන් මේ තරග ඉසව්වේදී තරගකරුවන් තරග බිමට පිවිසෙන්නේ, ඊට වෙන්වුණු විශේෂ ආරක්ෂිත උපකරණ සමගින්
කන් ආවරණ හා විශේෂ උපැස් යුවලක් පළඳින මුත් යූසුෆ් ඩිකෙක් ඒවා කිසිවක් භාවිත කළේ නෑ
මේ නිසාම සමාජ මාධ්‍යන්හි ජනප්‍රිය චරිතයක් වීමට ඔහුට හැකි වුණා
යූසුෆ් තම කලිසම් සාක්කුවේ එක් අතක් තබාගෙන තරග වදින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
මෙම තරගයේ රන් පදක්කම සර්බියාවට හිමි වූ අතර, තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ලෝකඩ පදක්කම ඉන්දියාව හිමිකරගැනීමයි.
යූසුෆ් ඩිකෙක් මේ සහභාගී වන්නේ පස්වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලටයි
ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වනවා
එසේම ඔහු ක්‍රීඩා විද්‍යාව සම්බන්ධයෙන් උපාධිදාරියෙකුද වනවා.