අම්පාරේදී පුද්ගලයින් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

අම්පාරේදී පුද්ගලයින් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ...

by Staff writer 04-08-2024 | 8:07 AM

COLOMBO (News 1st) - අම්පාර ඉඟිනියාගල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් තුන්දෙනෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, කරාඬුගල පොලීසියේ නිලධාරීයෙකු විසින් එම වෙඩි තැබීම කර ඇති බවයි.

නෙල්ලියද්ද ප්‍රදේශයේ පදිංචි කරාඬුගල පොලීසියේ කොස්තාපල්වරයෙකුට ඔහු පළමුව වෙඩි තබා තිබිණි.

අනතුරුව එම ප්‍රදේශයේම තවත් නිවසකට ගොස් මවක සහ දියණියක වෙඩි තබා ඝාතනය කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

මියගිය පුද්ගලයින් අවුරුදු 54, 17 සහ 33 යන වයස්වල පසුවේ.

අනතුරුව සැකකාර පොලිස් නිලධාරියා පොලිස් ස්ථානයට පැමිණ, වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, ඔහු රාජකාරී වේලාව තුළදී, ටී 56 රාජකාරී ගිනි අවිය උපයෝගී කරගනිමින් අදාළ ඝාතන සිදුකර ඇති බවයි.

ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.