මේ වන විට ලෙබනනයේ සිටින ලාංකිකයින් සංඛ්‍යාව, 7600 කට ආසන්න වේ.
ඉන්, යුධමය තත්ත්වය පවතින දකුණු ප්‍රදේශ ආශ්‍රිතව ලාංකික ශ්‍රමිකයින් 25 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව, තානාපතිවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, එම පිරිස ආරක්ෂිතව සිටින බවයි.
සංචරණ සීමා කර ජනතාව ඒකරාශී වන ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්නැයි තානාපතිවරයා ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට දැනුම් දෙයි.
මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට තානාපතිවරයා උපදෙස් දෙන්නේ, ලෙබනනයේ සිටින පිරිස් සමග හැකි සෑම අවස්ථාවකම සන්නිවේදන සබඳතා පවත්වා ගන්නා ලෙසයි.
මේ අතර ඊශ්‍රායලයේ සිට ඩුබායි අබුඩාබි හා නවදිල්ලිය හරහා කොළඹට ළඟා වීමට නියමිත ගුවන් යානා ප්‍රමාණය සීමා කර ඇතැයි, එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවට සහ ඊශ්‍රායලයට ගමන් කිරීමට ප්‍රවේශ පත්‍ර ලබාගෙන සිටින මගීන් ගුවන් තොටුපොළට යාමට පෙර, එම ගුවන් ගමන් වාරයේ වෙනසක් සිදුව ඇද්දැයි පරික්ෂා කරගන්නා ලෙස ද ඔහු දැනුම් දෙයි.