.webp)
වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් සික්ස් වටයේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය ශ්‍රී ලංකාව ලකුණු 12කින් ඊයේ (29) ජය ගත්තාය.
මලයාසියාවේ, බංගිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක මනුදි නානානයක්කාර පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා ය.
ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංජනා කාවින්ද සහ සුමුදු නිසංසලා පළමු කඩුල්ලට ලකුණු 42ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා ය.
සුමුදු නිසංසලා ලකුණු 18යි.
සංජනා කාවින්දි ලකුණු 19ක් රැස් කළාය.
නායක මනුදි නානායක්කාර ලකුණු 15යි.
ලිලී බේසිංග්ත්වෙයිට් කඩුලු 3ක් දවා ගත්තාය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 99කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
ඒ අනුව, ඔස්ට්‍රේලියා මුල්පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 23කදීය.
කෞඔයිම්හේ බ්‍රේ ලකුණු 27ක් රැස් කළාය.
එලිනෝර් ලාරෝසා ලකුණු 18යි.
චමුදි ප්‍රබෝධා, ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුනේ අතර කඩුලු 2 බැගින් බෙදී ගියාය.
ලකුණු 100ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 87ක් පමණයි.
ඒ අනුව, සුපර් සික්ස් වටයේ A කාණ්ඩයේ තුන් වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.
මේ අතර, තරගාවලියේ සුපර් සික්ස් වටයේ අයර්ලන්තය සමග පැවති තරගය නයිජීරියාව ලකුණු 06කින් ජයගෙන ඇත.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නයිජීරියා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 94කී.
ලකුණු 95 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 88ක් පමණයි.
වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නීල දේශීය වීකාශන අයිතිය හිමි MTV ජාලයේ TV1 නාලිකාව ඔස්සේ සහ www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.