බත්තරමුල්ල ක්‍රීඩාගාරයක් අසළ වෙඩි තැබීමක්..

තලවතුගොඩ ක්‍රීඩා සංකීර්ණයක් තුළ අද වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ සුරාබදු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට..

by Staff writer 19-07-2025 | 1:20 PM

COLOMBO (News 1st) – බත්තරමුල්ල , තලවතුගොඩ ක්‍රීඩා සංකීර්ණයක් තුළ අද අලුයම සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ සුරාබදු පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ව්‍යාපාරිකයා සහ සුරාබදු පරීක්ෂකවරයා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි.

එහිදී සුරාබදු පරීක්ෂකවරයා විසින් ව්‍යාපාරිකයා සතු පිස්තෝලය උදුරාගෙන තාප්යකට වෙඩි ප්‍රහාර 4ක් එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.