තිරප්පනේ රිය අනතුරකින් 6 දෙනෙකුට තුවාල...

තිරප්පනේ රිය අනතුරකින් 6 දෙනෙකුට තුවාල...

by Staff writer 19-07-2025 | 4:52 PM

COLOMBO (News 1st) - තිරප්පනේ තුරුවිල හන්දිය ප්‍රදේශයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, රියැදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් එලෙස අනතුරට ලක්ව ඇත.