කෙන්යාවේ ගුවන් යානයක් කඩා වැටී හයක් මරුට

කෙන්යාවේ රෝගීන් ප්‍රවාහන කරන ගුවන් යානයක් කඩා වැටීමෙන් හය දෙනෙකු මරුට

by Staff writer 08-08-2025 | 9:26 AM

COLOMBO (News 1st) – කෙන්යාවේ රෝගීන් ප්‍රවාහන කරන ගුවන් යානයක් කඩා වැටීමෙන් හය දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ගුවන් යානය විල්සන් ගුවන්තොටුපළේ සිට සෝමාලිලන්තය බලා පියාසර කරමින් තිබියදී අනතුර සිදුවිය.

ගුවන් යානය නිවසක් මතට කඩා වැටීමෙන් අනතුර සිදුව තිබේ.