.webp)
-596993.jpg)
ඔහු පවසන්නේ ඇතැම් පුද්ගලයින් පෝනින් සංචාරකයින් ප්‍රවාහනය සඳහා යොදාගෙන ආදායම් රැස් කළ ද එම සත්වයින් රැකබලා නොගන්නා බවයි.
ඒ හේතුවෙන් එම සතුන් තුරග තරග පිටිය සහ නගර සභාව අවට නිදැල්ලෙ සැරි සරමින් තෘණ ආහාරයට ගන්නා අතර ඇතැම් පෝනියන් රෝගී වී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
පෝනින්ගේ අයිතිකරුවන්ට සතුන් රැගෙන ගොස් ගාල් කර තබන ලෙසට උපදෙස් ලබා දුන්නද ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වීම හමුවේ නගර සභාවේ සේවකයින් ලවා අයාලේ සැරිසැරූ පෝනියන් අල්ලා නගර සභාවේ ඉඩමක ගාල්කර එම සතුන් රැක බලා ගැනීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
ගාල් කර සිටින පෝනියන් නැවත අයිතිකරුවන් භාර ගන්නේ නම් ඒ සදහා නගර සභාවට දඩ මුදලක් ගෙවිමට සිදුවනු ඇති බව නගරාධිපතිවරයා සඳහන් කළේ ය.
දඩ මුදල ගෙවා අයිතිකරුවන් රැගෙන නොයන පොනියන් වෙන්දේසි කිරිමට තීරණය කර ඇති බව නුවරඑළිය නගරාධිපතිවරයා සඳහන් කළේ ය.
