​නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

​නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 08-08-2025 | 8:37 AM

COLOMBO (News 1st) – ඊයේ (07) දහවල් කාලයේ පමුණුගම පොලිස් වසමේ කුංජාවත්ත ප්‍රදේශයේදී, පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබේ.

මෙහිදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3969 (බැරල් 21) ක් හා නීති විරෝධී මත්පැන් ලීටර් 405 (බෝතල් 540) ක් සමග  සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 51 ක් වන රාගම  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.