මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 4ක් අත්අඩංගුවට

කටුනායක හා සීදූව ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 4ක් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21කට අධික පුමාණයක් සමග අත්අඩංගුවට..

by Staff writer 12-11-2025 | 10:01 AM

COLOMBO (News 1st) - කටුනායක හා සීදූව ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.

සැකකරුවන් සතුව තිබී අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ගෑම් 21 කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ සැගව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන ලදි.