කොටහේන ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

කොටහේන 16 වැනි පටුමග ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට..

by Staff writer 12-11-2025 | 9:07 AM

COLOMBO (News 1st) - කොටහේන 16 වැනි පටුමග ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි මානිප්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

එම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසන ලදි.

පසුගිය 7 වැනිදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම ඝාතනය සිදුකර පළා ගිය අතර ඉන් මියගියේ 43 හැවිරිදි පුද්ගලයෙක්.