.webp)

COLOMBO (News 1st) - හසලක පොලිස් වසමේ හිඹුටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය නොවැම්බර් 10 වන දින සිට අතුරුදන්ව ඇති බවට 2025.11.11 වන දින උදෑසන කාලයේ හසලක පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබිණි. ඒ අනුව, අතුරුදන් පුද්ගලයාගේ මෘත ශරීරය මිනිපේ යෝධ ඇලේ 28 ඇලේ වැවේ තිබී සොයා ගෙන ඇත.
මරණකරු වයස අවුරුදු 67 ක් වූ හිඹුටුව, බර ර්වර්ධනඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහියංගනය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හසලක පොලීසිය වැඩිදුර විමර්‌ශන සිදු කර ගෙන යනු ලබයි.
