හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

by Staff writer 12-11-2025 | 10:10 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මීට ටික වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

ඒ ඔහු අමාත්‍ය ධුරය දැරූ සමයේ සිදුවූ දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළවය.

ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව  අල්ලස් කොමිසම පවසන ලදි.

සැකකාර ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය.