කාන්තාවකගේ නීති විරෝධීව දේපළ ක්‍රියාවිරහිත කෙරේ

නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇහැලියගොඩ ප්‍රදේශයේ සැකකාරියකගේ වත්කම් දින 7ක් දක්වා ක්‍රියාවිරහිත කෙරේ..

by Staff writer 14-11-2025 | 6:13 AM

COLOMBO (News 1st) - නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදු කර එමගින් වත්කම් උපයා ගෙන ඇති බවට ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය මගින් මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ  ‌පනතප්‍රකාරව වැඩිදුර විර්මශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව, වැඩිදුර විර්මශනයේදී අනාවරණය වූ කරුණු අනුව මාහින්ගොඩ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාගේ  ‌බිරිඳ විසින් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදල් යොදවා රුපියල් කෝටි 03ක් වූ ඉඩම් කැබලි තුනක් සහ ඇහැලියගොඩ රත්නපුර මාර්ගයට යාබදව පර්චස් හයක ඉඩම් කොටසක් මිලදීගෙන කඩ කාමරයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවට අනාවරණය වී ඇත. ඒ අනුව නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය වයස අවුරුදු 45 ක් වන මාහින්ගොඩ, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඒ අනුව සැකකාරියගේ නමින් මිලදීගෙන ඇති ඉහත දේපල මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත්කර ඇත. නීති විරෝධී වත්කම් විර්මශන  ‌කොට්ඨාසය මගින් වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.