ඉන්දීය ගුවන් අවකාශය ගැන පාකිස්ථානයට නිවේදනයක්..

මෙරටට මානුෂීය ආධාර ලබා දීමට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීමට පාකිස්ථානයට අවසර

by Staff writer 02-12-2025 | 6:25 AM

COLOMBO (News 1st) - මෙරට ආපදාවන්ට ලක්වූවන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන පාකිස්තාන ගුවන් යානා වලට තම ගුවන් අවකාශය භාවිතා කිරිමට ඉන්දියාව විසින් අවසර ලබාදී තිබේ.

ඒ, දෙරට අතර ගුවන් අවකාශ භාවිත කිරීම තහනම් කර ඇති පසුබිමකයි.

මෙරට මානුෂීය හේතු සළකා බලමින් පාකිස්ථානයට තම ගුවන් සීමාව භාවිතා කිරිමට අවසර ලබා දී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ය.

පකිස්තානය එම ඉල්ලිම ඉදිරිපත් කර පැය 4 ක් වැනි කෙටි කාලයක් තුළ එම අවසරය ඉන්දියාව විසින් ලබා දී තිබේ.