ඉන්දියා-අ‌මෙරිකා වෙළඳ සාකච්ඡා වලට දින නියම වෙයි

ඉන්දියාව සහ අ‌මෙරිකාව අතර වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට දින නියම වෙයි..

by Staff writer 07-12-2025 | 1:12 PM

COLOMBO (News 1st) - ඉන්දියාව සහ අමෙරිකාව අතර වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට දින නියම වී තිබේ.

ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා සිට දින තුනක් අදාළ සාකච්ඡා පැවැත්වෙනු ඇත.

දෙරට අතර වෙළඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම, නවදිල්ලි නුවරදී පැවැත්වෙන සාකච්ඡා වල ප්‍රධාන අරමුණ වේ.

එහිදී වෙළඳ සම්බාධක ඉවත් කිරීම, තීරුබදු ලිහිල් කිරීම හෝ ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

ඊට අමතරව කෘෂිකාර්මික නිෂ්පාදන, ඩිජිටල් වෙළඳාම, ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා වෙළඳපළ ප්‍රවේශය මෙන්ම මිල නියාමනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.