.webp)
-605314.jpg)
COLOMBO (News 1st) - චීනය සහ රුසියාව ඒකාබද්ධ මිසයිල නාශක අභ්‍යාසයක් පවත්වා තිබේ.
එම මිසයිල නාශක අභ්‍යාසය රුසියාවේ පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එය කිසිදු තෙවන පාර්ශවයක් ඉලක්ක කර ගත් අභ්‍යාසයක් නොවන බව, එම රටවල් අවධාරණය කළේ ය.
2022 වසරේදී රුසියාව සහ චීනය සීමා රහිත උපායමාර්ගික හවුල්කාරිත්වයකට අත්සන් තැබුවේ ය.
ඒ යටතේ දෙරට අතර නිරන්තරයෙන් හමුදා අභ්‍යාස පැවැත්විය යුතුය.
