ප්‍රදේශ රැසකට පස්වරුවේ ප්‍රබල අකුණු

බස්නාහිර ඇතුලු ප්‍රදේශ රැසකට පස්වරුවේ ප්‍රබල අකුණු

by Staff writer 07-12-2025 | 3:06 PM

COLOMBO (News 1st) -බස්නාහිර, සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.

ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තද සුළං ද ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.