ආධාර රැගත් මියන්මාර ගුවන් යානයක් කටුනායකට

මියන්මාර ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් ඊයේ (06) කටුනායකට..

by Staff writer 07-12-2025 | 12:52 PM

COLOMBO (News 1st) - මියන්මාර ආධාර තොගයක් රැගත් Y8 වර්ගයේ ගුවන් යානයක්, ඊයේ (06) රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ තිබේ.

සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්, ඊට ඇතුළත් වේ.

එම සහනාධාර බාර දීම සිදු කෙරුණේ, ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති මාර්ලා තාන් ටයික්ගේ ප්‍රධානත්වයෙනි.